Priority News: OUR PRODUCT PRICES ARE UPDATED! Click Here for Details.

SolitraPower   >  සූර්යබල සංග්‍රාමය

සූර්ය බල සංග්‍රාමය හා සොලිට්‍රා පවර් ආයතනයේ දායකත්වය.

වසර 2050 වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සම්පූර්ණ විදුලිය ප්‍රමාණය දේශීය පුනර්ජනනීය මුලාශ්‍ර වලින් ලබාගැනීම රජයේ අපේක්ෂාවයි. මේ සඳහා මූලික පියවරක් ලෙස විදුලි පාරිභෝගිකයන් ද විදුලි නිෂ්පාදකයන් වශයෙන් විදුලි ජනන ක්‍රියාවලියට සම්බන්ධ කර ගනිමින් තම නිවෙස්වල වහල මත ඉදිකෙරෙන කුඩා සූර්ය බලාගාර ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් සූර්ය බල සංග්‍රාමය නමින් ක්‍රියාවලියට නංවයි. මේ යටතේ විදුලි පාරිභෝගිකයින් මිලියනයක් විදුලි නිෂ්පාදකයින් බවට පත් කිරීමට අපේක්ෂිත අතර, නිෂ්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට එකතු කරනු ලබන අතිරික්ත විදුලිය සඳහා රජය විසින් ගෙවීම් කිරීමටද නියමිතය. ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුටම, මෙම ව්‍යාපෘතිය යටතේ තම වහලය සූර්ය විදුලි බලාගාරයක් බවට පත් කල හැකියි. 2020 වසර වන විට මෙගාවොට් 200ක් හා 2025 වසර වන විට මෙගාවොට් 1000ක් ධාරිතාවයෙන් යුතු සූර්ය බල විදුලිය නිපදවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

සොලිට්‍රා පවර් ආයතනය ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා විදුලි පුද්ගලික සමාගමෙහි නිර්දේශයන්ට හා ප්‍රමිතින්ට අනුකූලව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යටතේ ලියාපදිංචි සුදුසුකම් ලත් සූර්යබල සේවා සැපයුම් ආයතනයකි. එසේම අප ආයතනය විසින් ඔබගේ සූර්යබල අවශ්‍යතා සඳහා යුරෝපයේ නිෂ්පාදිත ඉහල කාර්යඬමතාවයකින් යුතු සූර්ය පැනල හා ඉන්වර්ටර් භාවිතාකරන බැවින් එමගින් ඉහල කාර්යඬමතාවයක් හා ඉහල ගුණාත්මකබවක් ඇති සූර්ය බලගාරයක් ඔබට අප විසින් ඉදිකරගත හැක.

සූර්ය බලගාර ස්ථානගතකිරීම්

මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ

ඔබට අත්වන ප්‍රතිලාභ

  • ජාතික විදුලිබල පද්දතිය හා බැඳුණු පරිසර හිතකාමී විදුලිබල නිෂ්පාදනයට දායක වීම සහ එමගින් අමතර ආදායමක් උපයා ගැනීමට හැකිවීම.
  • වසර 7ක් තුළ නැවත ගෙවීමේ පදනම මත ක්‍රියාත්මක වන රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකු මඟින් ක්‍රියාත්මක සහනදායි ණය පහසුකම් ලබාගැනීමට හැකිවීම.
  • සූර්ය බල සංග්‍රාමයේ ඉදිරිපත්කර ඇති යෝජනා ක්‍රම තුනෙන් එක ක්‍රමයකට අනුගතව දිවයිනේ ඕනෑම ස්ථානයක විදුලි පාරිභෝගිකයෙකුට ප්‍රතිලාභ ලැබිය හැකිවීම.
  • ජාලගත ශුද්ධ මණුකරන පද්ධතිය සවි කිරීමට ඔබගේ නිවසේ දැනට පවතින විදුලි පරිපථයේ වෙනසක් සිදුකිරීම අවශ්‍යය නොවීම.

රටට අත්වන ප්‍රතිලාභ

  • සූර්ය බලය නොමිලේ ලැඛෙන බල ශක්ති ප්‍රභවයක් බැවින් ගල් අගුරු හා පොසිල ඉන්ධන සඳහා වැය වන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි වීම.
  • පරිසර හිතකාමි සූර්ය බලශක්ති භාවිතය මඟින් වාර්ශිකව මෙ. ටො. 150,000 ක පමණ කාබන්ඩයොක්සයිඩ් වායු විමෝචනය වලක්වාගැනීම සහ ගෝලීය උණුසුම ඉහල යාම වලක්වා ගැනීමට දායක වීම.
  • සූර්ය බලාගාර දිවයින පුරා විසිරීමෙන් ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායීතාව තහවුරු වීම.
  • විදුලිය සම්ප්‍රේෂණයේදී හා ඛෙදාහැරීමේදී සිදුවන බලශක්ති හානිය අවම වීම.

සූර්ය බලාගාර යෝජනා ක්‍රම

Net Metering

වහල මත සවිකරන සූර්ය පැනල මගින් ජනනය කරන විදුලි ඒකක ගණන, පරිභෝජනය කරන විදුලි ඒකක ගණනට වඩා අඩුනම් එම වෙනසට පමණක් පාරිභෝගිකයා විසින් විදුලි බල මණ්ඩලයට මුදල් ගෙවීම. ජනනය කරන ඒකක ප්‍රමාණයේ අතිරික්තයක් ඇත්නම් හිඟ අවස්ථාවන් වලදී හිලවු කිරීමට එම ශේෂය ඉදිරියට ගෙන යාමට හැක. මෙහිදී නිවාස හිමියන් අතට මුදල් ලැබීමක් සිදුවන්නේ නැත.

Net Accounting

වහල මත සවි කරන සූර්ය පැනල මගින් ජනනය කරන විදුලි ඒකක ගණන නිවාස හිමියා විසින් පාවිච්චි කරන ලද විදුලි ඒකක ගණනට වඩා වැඩිනම් අතිරික්ත ඒකක ප්‍රමාණය සඳහා විදුලි බල මණ්ඩලය මගින් විදුලි ඒකකයකට මුල් වසර 7 සඳහා රු: 22.00 හා ඉදිරි වසර 8 සිට 20 දක්වා රු: 15.50 පරිදි නිවාස හිමියාට මුදල් ගෙවීම කරයි. නිවසේ ජනනය කල විදුලි ප්‍රමාණය භාවිතා කල ප්‍රමාණයට අඩුනම් වෙනසට ගෙහිමියා මණ්ඩලයට ගෙවීම් කල යුතුය.

Net Plus

වහල මත සවි කරන සූර්ය පැනල මගින් නිෂ්පාදනය කරන සම්පුර්ණ විදුලි ඒකක ගණන විදුලි බල මණ්ඩලය විසින් විදුලි ඒකකයකට මුල් වසර 7 සඳහා රු: 22.00 හා ඉදිරි වසර 8 සිට 20 දක්වා රු: 15.50 මිලගණන් පරිදි නිවාස හිමියාගෙන් මිලදී ගෙන ගෙවීම් සිදුකරනු ලබයි. නිවසේ බිල්පත දැනට ගෙවන පරිදිම ගණන කර ගෙහිමියා විසින් මණ්ඩලයට ගෙවීම් සිදුකල යුතුය.

සූර්ය බල සංග්‍රාමයේ ප්‍රගතිශීලී හැරවුම සමඟ ඔබත් එක්වන්න.

රටට ආදරය කරන මිනිසුන් පරිසරයට ආදරය කරයි, පරිසරයට ආදරය කරන මිනිසුන් සූර්ය බල ශක්තියට ආදරය කරයි.